28 C
Colombo
Saturday, July 27, 2024

මොණරාගලින් ජාතික කණ්ඩායමට තේරුණු ළාබාලතම ක්‍රීඩිකාව ‘බට්ටි’

- Advertisement -

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.

එහි ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති 20-20 පළමු හා දෙවන තරඟ දෙකම ජය ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් සමත් වුණා

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ වදින 14 හැවිරිදි චමුදි ප්‍රබෝදා වෙත මේ දිනවල විශේෂ අවධානයක් හිමි වී තිබෙනවා.

ඒ ඇය, වයස අවුරුදු 19න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩිකාව වීම හේතුවෙන්.

මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ගම්මානයෙන් ක්‍රීඩා දිවියට වෙත පිවිස ඇති චමුදි 2009 වසරේ අප්‍රේල් 25 වන දින උපත ලබා තිබෙනවා.

කුඹුක්කන පඤ්ඤානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඇය ජාතික කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබීමට පෙර මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම  හා ඌව පළාත් කණ්ඩායම නියෝජනය කර තිබුණා.

වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් වන චමුදි ප්‍රබෝදාව ඇයගේ කණ්ඩායම් සඟයන් හඳුන්වන්නේ ‘බට්ටි’ නමින්.

වයස අවුරුදු 14 ක් වැනි කුඩා වයසකදී ජාතික යොවුන් කාන්තා කණ්ඩායම නියෝජනය කිරීම පමණක් නොව මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශයකින් ක්‍රීඩාවට පිවිසෙමින් ඉහළ දක්ෂතා අතරට ළඟා වීමට ඇය සමත්ව තිබීමද අගය කළ යුතු කරුණක්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...