28 C
Colombo
Saturday, July 27, 2024

අධිවේගී මාර්ගයේ සෙල්ලම් දැමූ තරුණයින් අත්අඩංගුවට. සිව් දෙනාම මහනුවර.

- Advertisement -

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක නොසැලකිළිමත් ව ගමන් ගත් තරුණයින් සිව්දෙනා අද (13) උදෑසන අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන තරුණයින් සිවුදෙනෙකි.

අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 10 වන දින අධිවේගයේ ගමන් ගත් එම මෝටර් රථයේ රියදුරු ඊයේ (12) දිනයේ දී අත්අඩංගුවට ගත් අතර පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අප්‍රේල් මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරික්ෂාකාරී නොසැලකිළිමත් ධාවනය හා අන් අයට අන්ත්‍රාවක් සිදුවන ආකාරයෙන් රිය ධාවනය සම්බන්ධයෙනි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...