කැනඩාවේ Ottawa හී නිවසක පදිංචිව සිටි ශ්‍රී ලාංකීක එකම පවුලේ මව, දරුවන් සිව්දෙනෙකු සහ සමීපතමයෙකු ඝාතනය කර තිබෙනවා.
අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙක්.
ප්‍රහාරයෙන් එම පවුලේ මව, දරුවන් සිව්දෙනා ඇතුළු තවත් අයෙකු මියගොස් ඇති අතර, පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියගිය පිරිස අතර 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ දරුවන් සිව්දෙනා වන 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ, මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ නැමති ළඳරුවෙකු සහ එම නිවසේම පදිංචිව සිටී 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙක්වනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකික ශිෂ්‍යයාට මේ වන විටත් 6 පුද්ගල ඝාතනයකට හා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී කර ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් මෙම ඝාතන සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.