28 C
Colombo
Saturday, July 27, 2024

රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කගෙන් කිසිම වැඩක් නෑ..! – ඇමති රොෂාන්

- Advertisement -

ලක්ෂ 16ක් පමණ වු රටේ රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිදු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් ක‍රනවා.

“දේශපාලඥයින්ට තියෙනවා ලොකු කැපකිරීමක් කරන්න. ඒ අයට මහන්සි වෙන්න වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ක්ෂණික තීන්දු දෙන්න ඕනේ. ඒ වගේම තමා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. මම බොහෝම පැහැදිලිවම කියනවා අවංකව තමන්ගේ සේවය කරන්නේ මේ ලක්ෂ 16 යෙන් ලක්ෂ 6යි. ඒක තමා ඇත්ත. රාජ්‍ය සේවකයෝමයි විවේචනය කරන්නේ රාජ්‍ය සේවය. තුන්දා නීතිය වගේ වැඩපිළිවෙලක් ගේන එක අනිවාර්යයෙන්ම කාලෝචිතයි කියන එක අපි දන්නවා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුමයි. මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. උපරිම වැටිලා ඉන්නේ. හැබැයි ගොඩඑන එක වේගයෙන් ගොඩ එන්න පුළුවන් දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා කැපවීම් කළොත්.”

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වකින් ලෝකඩ පදක්කම දිනාගත් බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක ඉසුරු හමුවීමට යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ කුරුණෑගල – වැල්ලව ඔහුගේ නිවසට පැමිණියා.

එහි දී යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ ද ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා වන ඉදිරි වැඩසටහන් පිළිබඳව අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ ඉදිරියේදී ජාතික ක්‍රීඩා කවුන්සලය හරහා සෑම ක්‍රීඩා සංගමයක් කැදවා සාකච්ඡා සිදු කෙරෙන බවයි.

තානාපති කාර්යාල හරහා විවිධ රටවලින් එක් එක් ක්‍රීඩාවන් ප්‍රවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති අතර මෙරට ව්‍යාපාරික ආයතන හා සමාගම් හරහා එක් එක් ක්‍රීඩාවන්ට අනුග්‍රාහකත්වය ලබා ගැනීම සදහාද කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය රොශාන් රණසිංහ කියා සිටියේ.


RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...