32 C
Colombo
Saturday, March 25, 2023

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක්

- Advertisement -

කොවිඩ් 19 අර්බුදය හමුවේ විශාල කාර්ය භාර්යයක් ඉටුකරන සුවසැරිය ගිලන් රථ සේවයට තවත් ගිලන් රථ 112 ක් එකතු කිරීම සඳහා රජය කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිදුකරන ලද අදාළ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ එකඟත්වය ලැබී තිබෙනවා.

අදාළ යෝජනාව නුදුරු දිනෙක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

1990 සුව සැරිය ගිලන් රථ සේවයට මේ වනවිට දිනකට ලැබෙන දුරකතන ඇමතුම් සංඛ්‍යාව පන් දහස ඉක්මවනවා.

දිනකට රෝගීන් දහසකට අධික පිරිසක් එම සේවය මගින් රෝහල් ගත කෙරෙනවා.

සුවසැරිය ගිලන් රථ සේවයේ මේ වන විට 1394 ක කාර්ය මණ්ඩලයක් හා ගිලන් රථ 297 ක් සේවයේ යොදවා තිබෙනවා.

සුව සැරිය ගිලන් රථ සේවය යනු පසුගිය රජය සමයේ ඩොලර් දෙකෝටි 20 ලක්ෂයක ඉන්දියානු ආධාර යටතේ ආරම්භ කළ නොමිලේ සේවය සැපයෙන ව්‍යාපෘතියකි.‍

කෙසේ වෙතත් මෙම ගිලන් රථ සේවය මෙරටට රැගෙන ඒම පිළිබදව විමල් වීරවංශ මහතා ඇතුළු එකල විපක්ෂය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව විරෝධය පලකළා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...