31 C
Colombo
Wednesday, March 29, 2023

ආණ්ඩුව දෙදාහකට දුන් මාසික වියදමෙන් කතානායක පාටියක් දාලා

- Advertisement -

අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත්වූ සාම්ප්‍රදායික සාදයට (බජට් පාටි) ලක්ෂ 100කට අධික මුදලක් වැය වී ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

එම මුදල කොවිඩ්-19 රෝගය නිසා ආර්ථික අසීරුතාවට පත් වූ පුද්ගලයන්ට රජය මාසිකව ලබාදුන් මුදල රුපියල් 5000ක මුදලකි. මෙම සාදය සඳහා වැය වී ඇත්තේ ඒ ආකාරයට පුද්ගලයන් 2000කට ලබා දිය හැකි මුදලට සමාන මුදලකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සහකාර ආවතේව තනතුරැවලින් ඉහළට සිටින සියලු නිලධාරීන් හා ලේකම්වරුන් ඇතුළුව 700කට ආසන්න පිරිසක් මෙම සාදය සඳහා ආරාධනා ලැබ සිටින බව දැනගන්නට ඇත.

කොරෝනා වසංත තත්වය හමුවේ මෙම සාදය නොපැවැත්විය යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලීම් කර තිබුණි. කොවිඩ්-19 තත්වය යටතේ අනවශ්‍ය වියදම් කපාහැරීම පිළිබඳ රජයේ නායකයන් කිහිප වතාවක් අදහස් දක්වා තිබුණි.

පසුගිය කාලසීමාවේ තමන්ට ලැබුණු මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් විරොධතා පවත්වා තිබුණි. එවැනි මොහොතක අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ, මාසිකව ලබාදුන් මුදල දවස් කිහිපයකින් වියදම් කොට මෙලෙස විරෝධතා පවත්වන බවය.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...