26 C
Colombo
Friday, December 8, 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාවය ඔස්ට්‍රේලියාවට

- Advertisement -

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ කඩුළු 06කින් අපරාජිතව සිටි ඉන්දියාව පරාජයට පත් කරමින්.

සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේදී අද (19) පස්වරු 02.00ට ආරම්භ වුණා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 240ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 241ක ඉඅලක්කයක් සහිතව පිළිතුරු ඉනිම හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් මෙවර ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ Travis Head පන්දු 120කදී ලකුණු 137ක ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙන ගිය අතර David Warner පන්දු 03ට ලකුණු 07ක්ද, Mitchell Marsh පන්දු 15කදී ලකුණු 15ක්ද, ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායමේ Jasprit Bumrah කඩුළු 02ක්ද, Mohammed Shami එක කඩුල්ලක්ද දවාගත්තා.

මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගත් ඔස්ට්‍රේලියාව මෙවර සිය 6වන ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...