25 C
Colombo
Saturday, December 9, 2023

71 හැවිරිදි ක්‍රීඩිකාවකගෙන් මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට පදක්කම් තුනක්

- Advertisement -

මුලතිව් ප්‍රදේශයේ පදිංචි අකිලා තිරුනායකී නම් 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ඒ අනුව, ඇය මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මීටර් 1500 සහ 5000 යන ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම, මෙම තරඟාවලියේ මීටර 400 ධාවන ඉසව්වේ සිව්වැනි ස්ථානයද ඇය හිමි  කරගෙන තිබෙනවා.

මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි අකිලා තිරුනායකී විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් බවයි වාර්තා වෙන්නේ.

නොවැම්බර් 8 සිට 12 දක්වා පිලිපීනයේ පැවති 22 වැනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට ජයග්‍රහණ හිමිව තිබෙනවා.

එහිදී, රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 25ක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

35-39 වයස් කාණ්ඩයේ කැපී පෙනෙන තරඟකරුවෙකු වන දසුන් සිල්වා නව ආසියානු තරඟ වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ තවදුරටත් ඉහළට ඔසවා තැබුවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...