බලුකිස්තානයේදී එල්ල වූ ප්‍රහාරයකින් පකිස්තාන හමුදා සාමාජිකයන් තිදෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ මුර සංචාරයේ නිරත වූ භට පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් මෙම හමුදා සාමාජිකයන් මියගොස් ඇති බවයි.
මේ අතර කයිබර්පක්තුන්කවා පළාතේදී එල්ල වූ ප්‍රහාරයකින්ද පකිස්තාන පොලිසියේ සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.
එරට වාර්තා සදහන් කළේ බෝම්බ පිපිරීමක් මෙම මියයාම්වලට හේතුවී ඇති බවයි.