සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් 33%කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව එයට සමාන පවුල් ප්‍රමාණයකට සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු වුවත් ඒ ප්‍රතිලාභය මේ දක්වා හිමිවී නොමැති බවද එම කමිටුවේදී හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.
2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව පවුල් 449979ක් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කළ යුතු බවට එම කමිටුවේ දී සඳහන්ව ඇති බව සඳහන්.
එම කමිටුවට සහභාගී වූ ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සමෘද්ධිලාභීන් තෝරාගැනීම් කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බවයි.