26 C
Colombo
Wednesday, February 19, 2025

මහමඟ දමා යන බිළිදුන්ට සුරැකුම් මධ්‍යස්ථාන 339 ක්

- Advertisement -

මව්වරුන් විසින් අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නීතිමය තීන්දු ගැනීම සඳහා විශේෂ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඒ අනුව බිළිඳන් රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 339 ක කවුලු ස්ථාපිත කිරීම සහ පවත්නා නීතිමය තත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත හෝ ඒවා මගින් අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන වෙත බාර දීම හෝ රෝහල්, මහමඟ වැනි වෙනත් ස්ථානවල අතහැර දමා සාමාන්‍යයෙන් සිදු වන අතර, ඉතා සුළු දරුවන් පිරිසක් එම දෙමාපියන් විසින් මරා දමන අවස්ථාද වාර්තා වන බව මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරීහු පැවසූ අතර අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා පැවසුයේ මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතනික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට මෙම වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය නෛතික රාමුව ඇතුළු මාර්ගෝපදේශ පිළිබඳව සලකා බැලීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

මෙහිදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ අතහැර දමා යන බිළිඳුන්ගේ මව්පියන් පිළිබඳ තොරතුරුවල රහස්‍ය භාවය සුරැකෙන ලෙස හෝ යම් ලෙසකින් සටහන් කරගැනීමේ වැඩපිළිවෙලක්ද සකස් විය යුතු බවයිග

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES