25 C
Colombo
Sunday, May 19, 2024

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 46ක් රට හැර ගිහින්

- Advertisement -

අනුරාධපුර රෝහලේ පවතින වෛද්‍ය හිඟය සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරු දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද(01) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය තේජන සෝමතිලක මහතා මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරු හා තඹුත්තේගම, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය හා කැකිරාව යන මුලික රෝහල් හයේ සේවයේ නිරත වෛද්‍යවරැ පිරිසක්ද එක්ව සිටියා.

මෙහිදි අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය තේජන සෝමතිලක මහතා,

“අනුරාධපුර රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක ඇත්තේ නැහැ ඒවා හරිම හිඟයි. සායනික රෝගිනට දෙන ඖෂධ වර්ගත් හිඟයි. හෘදයාබාධ හා අධික රැධිර පිඩනයට රෝගින්ට ලබාදෙන සායනික ඖෂධ විශාල වශයෙන් හිඟයි. ඒ වගේම වකුගඩු රෝගින්ට ලබාදෙන කැල්සිපවර් වසරක පමණ කාලයක සිට රෝහලේ නැහැ

ඇදුම වැනි දිර්ඝ කාලින ස්වසන රෝග සදහා ලබාදෙන ඉන්හෙලර් වැනි ඖෂධ වර්ගවල විශාල හිඟයක් තියෙනවා අපස්මාරය රෝගය කියන්නේ භායනක රෝගයක්ඒ සදහා ලබාදෙන ඖෂධ දැන් මාස ගානක සිට ඇත්තේ නැහැ. ශල්‍ය කර්ම සදහා අවශ්‍ය තුවාල සදහා සැරහුම්, ප්ලාස්ටර්, සිලින්ජර්, බෙඩාඩින්, සජීකල් ස්ප්‍රීඩ් වැනි ඖෂධ වර්ග හිගයක් තියෙනවා. මේ නිසා එම ඖෂධ වර්ග පිටතින් මිලදි ගැනිමට රෝගීන්ට සිදුව තිබෙනවා. නිර්වින්දන ඖෂධවලත් හිගයක් වරින්වර පවතිනවා.”

මෙහිහි අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ශෂික විතානගේ මහතා -“අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වසරකට වෛද්‍ය සිසුන් 200 පුහුණු කරනවා. ඒ වගේම පශ්චාත් උපාධිය සදහා වසරකට වෛද්‍යවරු 100 පුහුණු කරනවා. ඒ නිසා මේ රෝහලට විශේෂඥ වෛද්‍යවරුන් සේවය අත්‍යවශ්‍යයි. මේ මානව සම්පත පුහුණු කිරිමේ කාර්ය මිට පෙර හොදින් සිද්ධ වුණා.

“නමුත් පසුගිය කාලයේ විශේෂඥ වෛද්‍යවරු රටහැර යාමේ හේතුව නිසා වෛද්‍යවරු පුහුණු කිරිම කෙසේ වෙතත් රෝහලට පැමිණෙන රෝගින් සදහා මුලික සත්කාරයවත් පවත්වාගත නොහැකිව බරපතල තත්වයකට මුහුණපා තිබෙනවා.

“අනුරාධපුර ශික්ෂණ රෝහලේ 2022 ජනවාරියේ සිට අද දක්වා විශේෂඥ වෛද්‍යවරු 19 දෙනකු රටහැර ගිහින්.මිට අමතරව ශ්‍රේණිධාරි වෛද්‍යවරු 27 දෙනකු රට හැර ගිහින්.තවත් විශේෂඥ වෛද්‍යවරු ගනනාවක් තමන්ගේ විදේශ ගමන් නිවාඩු අයදුම් පත් බාරදි තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය 30 කට ආසන්න ප්‍රමාණයක් රට යාම සදහා අවශ්‍ය සියළු විභාග සමත්ව සුදුසුකම් සපුරා ගෙන නිවාඩු අයදුම් කර තිබෙනවා.”

“මේ කාරණ මේ විදියට තියෙන කොට රජයට මේ දිහා ඇස්කන් පියා ගෙන බලාගෙන ඉන්න පුලුවන්ද. පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රොහලේ සත්කාරක සේවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද වෛද්‍ය විතානගේ මහතා මෙහිදි පැවසිය.

හිගයක් තියෙනවා.මේ නිසා මසකට රැපියල් දස දහසක් පහළොස් දහසක මුදලක් රෝගින්ට වැය කිරිමට සිදුව තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...