29 C
Colombo
Saturday, May 4, 2024

බණ්ඩාරනායක ඝාතනයට වසර 62 ක්

- Advertisement -

නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සාහසික වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 1959 වර්ෂයේ සැප්තැම්බර් 26 අද වැනි දිනකයි.

ඝාතනයට වරදකරු වූ තල්දූවේ සෝමරත්න නම් හිමිනමට 1962 ජුලි 06 වනදා වැලිකඩ බන්ධනාගාරයේදි මරණ දඩුවම ලබාදෙන ලද අතර බණ්ඩාරනායක ඝාතනයට කුමන්ත්‍රණ කිරීමේ චෝදනා එල්ල වූ එවකට කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති වූ මාපිටිගම බුද්ධ රක්කිත හිමි ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිමින් සිටියදි බන්ධනාගාරයේදි මියගියහ.

එමෙන්ම ඝාතන කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වූ හේමචන්ද්‍ර පියසේන ජයවර්ධන ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවම 15 වසරකින් අවසන් කර නිදහස ලැබීය.

බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් පසු විජයානන්ද දහනායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්කරන ලද්දේද 1959 වර්ෂයේ අද වැනි දිනකයි.

එතුමා 1960 මාර්තු 20 දක්වා මාස කිහිපයක කාලයක් පමණක් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි.

එසේම බණ්ඩාරනායක මහතාගේ මරණය එතෙක් ප්‍රසිද්ධ දේශපාලනයේ නොසිටි ඔහුගේ බිරිද වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ දේශපාලන ආගමනයට හේතුවිය.

එසේ දේශපාලනයට පිවිසි ඇය 1960 මහමැතිවරණය ජයගනිමින් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ අතර පසුව තෙවරක් ( 1960 -1965, 1970-1977, 1994 – 2000 ) මෙරට අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන ලදි.

එමෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ දියණියක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුකාලිනව මෙරට 05වන ජනාධිපතිවරයා ලෙස තේරිපත් විය.

ඇය 1994 -2005 කාලසීමාවේ දෙවරක් ජනාධිපතිවරණ ජයගනිමින් එම ධූරයේ කටයුතු කරන ලදි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...