28 C
Colombo
Saturday, May 4, 2024

වගාබිම් හෙක්ටෙයාර් 68,131කට හානි වෙලා

- Advertisement -

2023 සහ 2024 යන වර්ෂවල මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්ව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බවයි.

මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් ද අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව ලැබුණු වර්ෂාවත් සමග එළවළු වගාවන් විශාල වශයෙන් හානියට පත්වූ අතර මෙම වසරේ මුල් මාස තුන තුළ එළවළු මිල ඉහළ යාමට ද මෙම තත්ත්වය බලපා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...