32 C
Colombo
Saturday, May 4, 2024

පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්

- Advertisement -

මෙම වසරේ (2024) පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙනේ එම කාල වකවානුව තුළ රජය විසින් රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බවයි.

එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවත් එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් සඳහන් කළා.

රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ 2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇති බවයි.

එමෙන්ම, රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබා ගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇති බව අමාත්‍යවරයා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ 2024 වසර තුළ රජය රුපියල් බිලියන 4,106ක ආදායමක් අපේක්ෂා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...