27 C
Colombo
Monday, May 6, 2024

සතියක් තුළ මෙරටින් කොවිඩ් මරණ 86 ක්

- Advertisement -

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව මැයි මස පළමු දින සිට ඊයේ (07) දින දක්වා වූ සතියක කාලය තුළදී පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් 86 දෙනෙක් වාර්තා වුණා.

එය පළමු කොවිඩ් රැල්ලට සාපේක්ෂව ඉතාමත් අනතුරුදායක මට්ටමක පවතින බවට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඊයේ දිනයේ කොවිඩ් මරණ 19 ක් වාර්තා වීමත් සමඟ මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 764 දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන කොවිඩ් මරණ ඒවා සිදුවී දින ගණනාවකට පසුව වාර්තාවීමද විශේෂත්වයක්.

තවද නිවසේ සිටියදීම කොවිඩ් වැළදී මියයන පුද්ගලයන් සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා.

මෙලෙස මියගිය බොහෝ දෙනාගේ මරණයට හේතුව වන්නේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...