26 C
Colombo
Saturday, May 18, 2024

ශ්‍රී ලාංකීකයින් 06 දෙනෙකු කැනඩාවේදී ඝාතනය කෙරේ

- Advertisement -

කැනඩාවේ Ottawa හී නිවසක පදිංචිව සිටි ශ්‍රී ලාංකීක එකම පවුලේ මව, දරුවන් සිව්දෙනෙකු සහ සමීපතමයෙකු ඝාතනය කර තිබෙනවා.

අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙක්.

ප්‍රහාරයෙන් එම පවුලේ මව, දරුවන් සිව්දෙනා ඇතුළු තවත් අයෙකු මියගොස් ඇති අතර, පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියගිය පිරිස අතර 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ දරුවන් සිව්දෙනා වන 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ, මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ නැමති ළඳරුවෙකු සහ එම නිවසේම පදිංචිව සිටී 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙක්වනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකික ශිෂ්‍යයාට මේ වන විටත් 6 පුද්ගල ඝාතනයකට හා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මෙම ඝාතන සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...