32 C
Colombo
Monday, May 6, 2024

ප්‍රසිද්ධ උත්සවයකදීත් ඇමති සරත් වීරසේකරට මුව ආවරණ නැහැ

- Advertisement -

‘දියමත විශේෂ මෙහෙයුමි බලඝනය’ (Special Waterborne Operations Squadron) නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය (Special Task Force) වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුකෙරුණා.

මෙහි ආරම්භක පියවරක් ලෙසින් ඊයේ දිනයේදී ‘Jet Ski’ ලෙසින් හැඳින්වෙන කුඩා අධිවේගි යාත්‍රා සහ අධිවේගී මෝටර් බෝට්ටු හැසිරවීමේ මනා පුහුණුවක් ලද විශේෂ කාර්ය බලකා භටයන් 16 දෙනෙකු‍ මෙම බලඝනය වෙත එක් කෙරුණා.

මෙම සියලුම භටයන් ශ්‍රී ලංකා බල බෝට්ටු සංගමය (Lanka Powerboat Association) යටතේ සති දෙකක පූර්ණ විශේෂ පුහුණුවක් ලැබූවන් වන අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (UNODC – United Nations Office on Drugs and Crime) සහයෝගයත් ලැබී තිබෙනවා.

රටතුළ ජල මාර්ග සහ ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීතී විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අධිවේගී ප්‍රතිචාර ඒකකයක් ලෙසින් මෙම විශේෂ බලඝනය ඉදිරියේදී රට පුරාම ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් අදාළ උත්සවය පැවති අවස්ථාවේදී අමාත්‍ය සරත් වීරසේකර මහතා මුව ආවරණයක් පැළද නොසිටි ආකාරයද දක්නට ලැබුණා.

ඡායාරූප – රියාර් අද්මිරාල් සරත් වීරසේකර සමාජ මාධ්‍ය ඒකකය


RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...