29 C
Colombo
Wednesday, May 8, 2024

කිංස්ලිගේ නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය අංශ අතර ඊයේ (10) පැවති සාකච්ඡාව පිළිබදව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කල ප්‍රකාශයක් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙනවා.

එනම් සයිනෝෆාම් එන්නත හදිසි භාවිතය අනුමත කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම සංවිධානය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව බවයි ඔහු එම නිවේදනයෙන් සඳහන් කර තිබුනේ.

කෙසේ වෙතත් අදාළ නිවේදනයේ එන කාරණාව සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිදුකල විමසීමේදී එම සංවිධානය අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුගත කිරීම (EUL) සාමාන්‍යයෙන් නිම කිරීමට මාස දෙක තුනක කාලයක් ගත වන බවයි.

ඒ සඳහා වන සාධක සහ පූර්ව සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ බවත් එම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

කිංස්ලි රත්නායක මහතා නිකුත් කල නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...