33 C
Colombo
Sunday, May 5, 2024

1948 නිදහසේ ඉඳන් 2005 දක්වාම ණය ගත්තට වඩා 2020දී විතරක් ණය අරන්

- Advertisement -

2020 මහබැංකු වාර්තාව අනුව ආණ්ඩුව එම වසර තුළ පමණක් රුපියල් බිලියන 2272ක් ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මේ 2020 මහබැංකු වාර්තාවෙ එහෙම්පිටින්ම තියෙන්නෙ මේ ආර්ථිකයේ කඩාවැටීම බිඳවැටීම සිද්ධ වීමට ප්‍රධාන හේතුව කොවිඩ් හැටියට. නමුත් ඇත්තටම කොරෝනා වසංගතයට අපි හරියට මුහුණ දෙමින් තියෙන්නෙ දැන්. ඒ වසංගතයට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් තවත් ඉතුරුවෙලා තියෙනවද කියන ප්‍රශ්නය පැන නඟිනවා මේ මහබැංකුව ඉදිරිපත් කරලා තියෙන තොරතුරු දත්ත විශ්ලේෂණය කරලා බැලුවාට පස්සෙ.

අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින්, රුපියල් කෝටි දෙලක්ෂ විසි හත්දාහකින් රටේ ණය පංගුව වැඩිකරලා තියෙනවා. 1948 ඉඳලා 2005 දක්වා බිලියන 2226යි, හැබැයි 2020 අවුරුද්දෙ විතරක් ආන්ඩුව බිලියන 2272ක ණය අරගෙන තියෙනවා. අද පැයකට රුපියල් කෝටි 25ක් ණය ගන්න තත්වයේ ආණ්ඩුවක් තමයි තියෙන්නෙ. රටේ සංවර්ධනයට යොදවන්න තිබිච්ච මුදල්, රටේ ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන්න තිබිච්ච මුදල් අවසානයේ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ණය අරගෙන තියෙනවා.

එනිසා අද ආණ්ඩුව කියනවා නම් අපට මේකට මුහුන දෙන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න ඕනෙ කියලා, අද වෙනකොට අපට පේන්නෑ එහෙම ආර්ථිකයක් හදාගන්න තියා හිතන්නවත් පුළුවන් මට්ටමක තියෙනවා කියලා” යැයි ඒ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...