අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොවිඩ් මරණ 4205 ක් වාර්තා වී ඇති අතර, එය මෙතෙක් වාර්තා වී ඇති වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි.
එමෙන්ම, එම කාලය තුල නව ආසාදිතයින් 344,421 ක් ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව දෙකෝටි තිස්තුන් ලක්ෂ හතලිස් දහස ඉක්මවනවා.
එමෙන්ම, සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් හතරදහස් දෙසිය විසිපහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.