28 C
Colombo
Monday, May 20, 2024

මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් පිරිසගෙන් සිව්දෙනෙක්ට අධිචෝදනා

- Advertisement -

රුසියාවේ මොස්කව් හී සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුවමොස්කව් දිස්ත්‍රික් අධිකරණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, ඔවුන් සිව්දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බවයි.

පසුගිය සිකුරාදා මොස්කව් අගනුවර රඟහලකට එල්ල වු ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර, 200කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ අනුව, ඔවුන් එරට අධිකරණයක් හමුවට පමුණුවා ඇති අතර මැයි මස 22වනදා දක්වා සැකකරුවන් රඳවා තබාගැනීමට නියෝග කර ඇති බව සඳහන් වනවා.

කෙසේවෙතත්, ඔවුන්ගේ නඩු විභාග දිනය නියමවන දිනය අනුව රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ වනු ලබනවා.

එමෙන්ම අධිකරණය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, විත්තිකරුවන් දෙදෙනෙකු මේ වන විට වරද පිළිගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...