33 C
Colombo
Friday, May 3, 2024

ආයුධ පෙන්වන්න ගිය කොස්ගොඩ තාරකට පොලීසියෙන් වෙඩි. ආයුධ පෙන්වන්න එපා යැයි මව ඊයෙත් පොලීසියෙන් ඉල්ලලා.

- Advertisement -

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හට බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා සැකකරු අද (13) අලුයම රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිද්ධියකදී කොස්ගොඩ තාරක මියගිය බවයි.

විශේෂ විමර්ශනය සඳහා සහභාගීවී සිටි තාරක විසින් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ අවස්ථාවේ බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් විසින් ගිනි අවි භාවිතාකර බලය පාවිච්චිකිරීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

එහිදී ඇතිවූ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි පහරකෑ කොස්ගොඩ තාරක මීරිගම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාස භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස්ගොඩ තාරක”, මීරිගමදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රැදවුම් නියෝග මත රදවා සිටි කොස්ගොඩ තාරකව හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකයට රැගෙන ගොස් තිබුණා.

අදාළ සැකකරුව ආයුධ පෙන්වීමට ගෙන ගොස් ඝාතනය කිරීමට ඉඩක් ඇති බව සඳහන් කරමින් කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකරගේ මව අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබුණා.

එමෙන්ම ඇයගේ උපදෙස් මත නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා ඊයේ (12) දිනයේ මානව හිමිකම් කොමිසන් සභාවට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලිපි 4 ක් යොමු කර තිබුණා.

අදාළ ලිපිවලින් කොස්ගොඩ තාරකගේ මව පෙන්වා දී ඇත්තේ අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රැදවියන් ප්‍රසිද්ධ ස්ථාන වෙත රැගෙන ගොස් ප්‍රශ්න සහගත ලෙස මරණයන් සිදුවීමේ පූර්ව අත්දැකීම් ඇති බැවින් සිය පුත්‍රයාගේද මානව අයිතිවාසිකම් කුමන මොහොතක හෝ උල්ලංඝණය වීමට ඉඩ ඇති බවට සාධාරණ බියක් ඇති බවයි.

එමෙන්ම පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය වෙත රැගෙන ගිය තම දරුවාගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය පිළිබදව මීට පෙර මානව හිමිකම් කොම්සම හා අධිකරණය දැනුවත් කර ඇති බවයි.

ඉන් අනතුරුව අද අලුයම මෙම සිද්ධිය සිදුවීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...