25 C
Colombo
Sunday, May 12, 2024

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

- Advertisement -

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016 වසරේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළ බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවලට අනුවයි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා උන්වහන්සේට එරෙහිව චෝදනා 2ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන උන්වහන්සේ අදාළ ප්‍රකාශය සිදුකර තිබෙන බවයි.

මෙම ප්‍රශ්නගත ප්‍රකාශය විත්තිකරු විසින් අහම්බයකින් සිදුකළේ යැයි කිව නොහැකි බවත්, එය සිතාමතාම සිදුකර ඇති ආකාරයක් නඩු විභාගයේදී පැහැදිලි වූ බවත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එහිදී සඳහන් කර තිබුණා..

එමෙන්ම ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකාර භික්ෂූන් වහන්සේ එම වගකීම පැහැර හැර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විත්තිකාර භික්ෂූන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට සනාථ වී ඇති බව පැවසූ විනිසුරුවරයා එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළා.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ, එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවයි.

එම නියෝගය පරිදි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු අතර
එක් එක් චෝදනාවට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද විනිසුරුවරයා නියම කර තිබුණා.

එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ, එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන ලෙසයි.

මෙම දඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවද දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තිකරු ඇමතූ විනිසුරුවරයා පවසා තිබුණා.


RECENT ARTICLES - SINHALA

අලුතින් මහවැලි කලාපයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය බල ප්‍රදේශය නව මහවැලි කොට්ඨාශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ​දී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඒ...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ගිලන් වෙලා

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ධාවනය කිරිමට ටයර් නොමැති විම හමුවේ එම ගිලන් රථය මාසයකට...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...