31 C
Colombo
Thursday, May 9, 2024

Breaking:ඥානසාර හිමිට වසර 4ක සිරදඬුවමක්

- Advertisement -

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.

ඒ ඥානසාර හිමිවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාද් සාලි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබූ අතර අදාළ චෝදනා දෙකටම ඥානසාර හිමියන් අධිකරණය හමුවේ වරදකරු ලෙස නම් කෙරුණා.

ඉන් අනතුරුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තවදුරටත් නියෝග කළේ එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවයි.

අදාළ එක් එක් චෝදනාවට රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක්ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවද නියෝගයේ සඳහන්.

2016 වසරේ මාර්තු 30 වැනිදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.

දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමි අදාළ ප්‍රකාශය කළ බවයි.

කෙසේවෙතත්, මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බව අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ගාල්ලේ පුද්ගල ඝාතනයක්

ගාල්ල - අක්මීමන පොලිස් බලප්‍රදේශයේ තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේදී අද (09) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. එම පුද්ගලයා සිය නිවස තුළ නිදා සිටියදී...

Breaking: මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා...

Breaking: ඩයනාට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...