චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ ජනගහනය පාලනය කිරීම සදහා දැඩි සහ අමානුෂික ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.
මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමී චින් නම් ලේඛිකාවක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියක ලද ගවේෂණාත්මක වාර්තාවක් මගිනි.
එම වාර්තාවට අනුව චීනයේ ක්‍රියාත්මක වූ එක් පවුලකට එක්දරු උපතක් යන ප්‍රතිපත්තිය මුස්ලිම් සම්භවයක් ඇති උයිගුර් සුලුතරයට එරෙහිව ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබේ.
එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඇතැම් උයිගුර් ස්ත්‍රීන්ව බලහත්කාරයෙන් වදභාවයට පත්කිරීමටද කටයුතු කර ඇති බවයි.
චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙසෙන උයිගුර් සහ වෙනත් මුස්ලිම් සුලුතරයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට දැඩි ලෙස චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් විධිමත් සහ අර්ථවත් පර්යේෂණයක් වහා ඇරඹිය යුතු බවට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුලු රටවල් පහළවක් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද අවධාරණය කර තිබිණ.