27 C
Colombo
Tuesday, May 21, 2024

ජෝර්ජියා පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

- Advertisement -

විවාදයක් අතරතුර ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඊයේ (15) ගැටුමක් හට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටින අතරතුර ජෝර්ජියාවේ පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහර දීමෙන් අනතුරුව මෙම ගැටුම හට ගෙන තිබුණා.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර දරුණු ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

ජෝර්ජියාවේ විදෙස් සංවිධානවලට දැඩි සීමා පනවන “ විදේශ නියෝජිතයින්” (foreign agents) සම්බන්ධ නීතිය පිළිබඳව පැවති විවාදයක් අතරතුරදී මෙම ගැටුම හට ගෙන තිබුණා.

විදේශ අරමුදල් ලබා ගන්නා සංවිධාන විදේශීය නියෝජිතයන් ලෙස ලියාපදිංචි කිරීමට සහ දඩ මුදල් ගෙවීමට සලස්වන නීතියක් ගෙන එන බවට ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය මේ මස මුලදී නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණයට මින් පෙර මත් වූ විරෝධතා හේතුවෙන් එය අතහැර දමා මාස 13කට පසුව පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය මෙම නීතිය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට තීරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලෙඩ නිවාඩු දැමූ බන්ධනාගාර නියාමකයින්ට රතු එළියක්

බන්ධනාගාර නියාමකයින් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් පරිපාලන ගාමිණි බි. දිසානායක මහතා...

කළුතර වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රීයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබෙනවා. කටුකුරුන්ද දුම්රිය පොළ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි...

‘යුක්තියෙන්’ මිනුවන්ගොඩ තරුණයෙක් එළොව යවලා

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදි අසාධ්‍ය වී රෝහලගත කරන විට මිය ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ හොරම්පැල්ල,වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...