28 C
Colombo
Tuesday, May 21, 2024

අවුරුදු ගීතයක් විකෘති කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය

- Advertisement -

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් එම සැකකරුට චෝදනා එල්ලවි තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


RECENT ARTICLES - SINHALA

කුසල් මෙන්ඩිස්ට වීසා හිමිවෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවට යාමට විසා බලපත්‍රය ලැබී තිබෙනවා. ඉදිරි දින...

ඩයනා අධිකරණයට එයි

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික...

වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...