27 C
Colombo
Monday, May 6, 2024

අපි කරනකල් විපක්ෂෙට තියෙන්නෙ කට වහගෙන බලාගෙන ඉන්න – පියල් නිශාන්ත

- Advertisement -

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිළධාරීන් කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, දේශපාලනඥයන් ලබාදිය යුතු හොඳම සහයෝගය වන්නේ විවේචන, චෝදනා කිරීමෙන් වැළකී ඔවුන්ට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදීම බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

මාධ්‍ය ආයතනවල කැමරා ඉදිරියේ විවිධ ප්‍රකාශ සිදු කරමින් විවේචන එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ, විපක්ෂයට මේ අවස්ථාවේදී ලබාදිය හැකි හොඳම සහයෝගය වන්නේ කටවල් වසාගෙන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සිදුකරන කාර්යභාරය දෙස බලා සිටීම බව‍යි.

පසුගිය දිනවලදී විපක්ෂය දිගින් දිගටම සඳහන් කළේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට ඕනෑම සහයෝගයක් ලබාදීමට විපක්ෂය සූදානම් බවයි. කෙසේ නමුත් එම සහයෝගය ලබා ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවටද ඔවුන් චෝදනා කර සිටියා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...