31 C
Colombo
Saturday, May 18, 2024

උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට

- Advertisement -

ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහා යි.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්තයි.  

පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව ඩයරබා ජලාශයේ සිට එම ජලය කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු ලබනවා.

මෙරට ජාතික විදුලි පද්ධතියට එමගින් එක් කිරීමට නියමිත විදුලි ධාරිතාව මෙගාවොට් 120ක්.

එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොණ්‍රරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදු කරනු ලබනවා.

එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක් වන අතර, ව්‍යාපෘතිය ආරම්භ කළ කාලසීමාව තුළදී ඉන් ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙරටට ලබාදීමට එකඟවී තිබුණා.

නමුත්, ඉරාන රජය ඩොලර් මිලියන 50ක මුදලක් එහිදී ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ආදාළ සම්පූර්ණ මුදල් මෙරට රජය වෙත ලබාදීමට ඉරාන රජයට නොහැකි වී තිබෙනවා.

පසුව එම ව්‍යාපෘතියේ පිරිවැය දරමින් එය මේ දක්වා ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා රජය හරහායි.

2015 වසරේදී එම බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණා.

ඒ අනුව, වසර 13කට පසුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට භාරදීම හෙට (24) දිනයේ සිදුවීමට නියමිතයි.

ඒ සඳහා වන උත්සවයට ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රසියි මහතා සහභාගීවනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...