28 C
Colombo
Sunday, May 5, 2024

5000 සහන මල්ල දීමට ගොස් සෞඛ්‍ය නීති කඩලා (ඡායාරූප)

- Advertisement -

සංචරණ සීමා පනවා හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000 ක සහන මල්ලක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විට රජයෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත් අදාළ ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති නිසා මේ වන විට දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සිටින ආකාරය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වනවා.

දඹුල්ල, ගලේවෙල, නාවුල යන ප්‍රදේශවල ජනතාව එක්රැස්කරමින් රුපියල් 5000 භාණ්ඩ මල්ල ලබාදීමේ වැඩපිළිවෙලට දේශපාලඥයින් මැදිහත්වීම නිසා මේ වන විට ජනතාව ඉවක්බවක් නොමැතිව භාණ්ඩ බෙදන ස්ථානයට රැස්වෙමින් තිබෙනවා.

එම ස්ථානයේ කිසිදු සමාජ දුරස්ථභාවයක් නොමැතිව ප්‍රදේශවාසීන් කටයුතු කරන අතර එය ඉදිරියේදී දැඩි සෞඛ්‍ය අර්බුදයකට අතවැනීමක් බවට පැහැදිලිව දක්නට ලැබෙනවා.

අදාළ සහන මල්ල නිවසටම ලබාදෙන බව පවසා සිටියත් ප්‍රදේශයේ දේශපාලකයන් හට ලකුණු දමාගැනීම සඳහා මෙම ක්‍රියාවලිය සිදුවන බවයි ජනතාව පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...