25 C
Colombo
Sunday, May 19, 2024

ආයුධ පෙන්වාවි යැයි බියෙන් වෙලේ සුදාගේ මවත් උසාවි යයි

- Advertisement -

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මේ වන විට මරණ දණ්ඩනය නියමවී ඇති විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති පුද්ගලයාගේ මව සිය පුත්‍රයා වෙනුවෙන් අධිකරණයට ගොස් තිබෙනවා.

තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මීට කිහිප දිනකට පෙර ඝාතනය කර ඇති බැවින් තම පුතාගේ ජීවිතය පිළිබඳවද බියක් තමාට ඇති බවයි ඇය පවසන්නේ.

එබැවින් සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි රජගල්ගොඩ ගමගේ මාලනි නැමැති මෙම කාන්තාව අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ බන්ධනාගාරයේ සිටින තම පුතාගෙ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...