28.7 C
Colombo
Wednesday, May 8, 2024

පෝර්ට් සිටි පනතට විරුද්ධ වෙන්න හේතුවක් නෑ – මෛත්‍රී

- Advertisement -

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවිමට අදාල පනත් කෙටුම්පතට විරුද්ධ වීමේ අවශ්‍යතාවක් නොතිබූ බව හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළව පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්වූ කෙටුම්පත නොවන බවත්, සම්මත වූයේ අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත් වූ පනතක් බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අදට (22) දී තිබෙන ජනරජය දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කර තිබුණු සැමරුමට සහභාගී වෙමින්.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවට මුලින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ වගන්ති රැසකට එකඟ විය නොහැකි බවක් තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම වගන්ති සියල්ල සංශෝධනය කෙරුණු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටින්නේ.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...