32 C
Colombo
Monday, May 6, 2024

කොරෝනාවට වඩා රසායනික පොහොර නිසා මිනිස්සු මැරෙනවා; පාදෙණිය ජනපති අගය කරයි

- Advertisement -

කොරෝනා වසංගතය නිසා මෙරට මියයන පුද්ගලයින් ප්‍රමාණයට වඩා දස ගුණයක් වකුගඩු රෝගයෙන් මියයන බවත් ඊට හේතුවී ඇත්තේ රසායනික පොහොර භාවිතය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ ඊයේ (21) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

කොරෝනා වසංගතයෙන් පුද්ගලයින් මියයාමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම බවත් එසේ ප්‍රතිශක්තිකරණය අඩුවීම ගැන සලකා බැලීමේදී 1960 දශකයේ සිට මෙරට සාම්ප්‍රදායික වස විස නොමැති ගොවිතැන අත්හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවත් පැවසූ ඒ මහතා රසායනික පොහොර භාවිතයට මෙරට ජනතාව හුරුකිරීම යනු විදේශිකයින්ගේ සමූහ ඝාතන උපක්‍රමයක් වශයෙන් ද හඳුන්වා දෙන ලදි.

ඒ අනුව රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනයන වැඩපිළිවෙල ඉහළින්ම අගය කරන බව පැවසූ ඒ මහතා 1960 දශකයට පෙර පැවති වස විසෙන් තොර කෘෂි සංස්කෘතියට නැවත යායුතු බවත් අවධාරණය කර සිටියි.

එසේම ඒ සඳහා තම තමන්ගේ ගෙවතුවල කුමක් හෝ වගා කරගන්නා ලෙසත් ඒ මහතා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියි.

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...