32 C
Colombo
Sunday, May 5, 2024

ඉතාලියේ කේබල් කාර් රථයක් කඩාවැටී 14 දෙනෙක් මරුට

- Advertisement -

උතුරු ඉතාලියේ මැගීගෝර් විල අසල පිහිටි කේබල් කාර් රථයක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතාලියේ පීඩ්මොන්ට් ප්‍රදේශයේ පිහිටි මොටරෝන් කන්ද මුදුනේ තිබෙන නිවාඩු නිකේතනයක සිට මගීන් පහළට රැගෙන ඒමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුරට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගිය අතර බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදනකු ගුවන් මගින් රෝහලට ප්‍රවාහනය කරන අතර එක් අයෙකු මියගොස් තිබුණා.

මියගිය පුද්ගලයන් අතර ඊශ්‍රායල් ජාතිකයන් පස්දෙනෙකු සිටින බව ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

අනතුරට හේතුව මේ දක්වා පැහැදිලි නැතත් මේ දක්වා සොයාගත් කරුණු අනුව ප්‍රකාශ වන්නේ රථය පොළොව මට්ටමේ සිට මීටර් 300 පමණ ඉහලදී කඩා වැටෙන්නට ඇති බවයි.

බිමට කඩා වැටුනු රථය මීටර් 20 පමණ පහලට පෙරලී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම කේබල් කාර් පද්ධතිය 1970 වසරේදී විවෘත කරන ලද අතර අළුත්වැඩියා කටයුතු සඳහා 2014 සිට 2016 වසර දක්වා සම්පූර්ණයෙන් වසා දමා තිබුණා.

– තිලාන් ජයසේකර –

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...