29 C
Colombo
Saturday, May 4, 2024

ඓතිහාසික කෘ-ඩ්‍රැගන් යානය පෘථිවියෙන් පිටත් වෙයි! (වීඩියෝ)

- Advertisement -

නොවැම්බර් 15 ඉරිදාවේ (ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සඳුදා පාන්දර) ස්පේස් එක්ස් සමාගමෙන් නිපදවූ ෆැල්කන් 9 රොකට් එක සහ කෘ ඩ්‍රැගගන් කැප්සියුල් එක පාවිච්චි කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය බලා පිටත් වීමට නියමිතයි.

මේ ඓතිහාසික මෙහෙයුම කෘ-1 නමින් හඳුන්වනවා. මේ යානය මීට කලින් පසුගිය මැයි මාසයේදී පෘථිවියෙන් පිටතත් වුණා. ඉන්පසු අගෝස්තුවේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතතනයේ සිටි ගගනගාමීන් පිරිසක් පෘථිවියට ගෙන්වාගත්තා.

පහත ලින්ක් එකෙන් මෙහෙයුම නරඹන්න පුළුවන්.

මේ පාර යවන්නේ මොකක්ද?

මෙවර ගගනගාමීන් සිව්දෙනෙක් මෙහෙයුම එක්ක යයනවා. තුනන්දෙනෙක් නාසා ආයතනයේ. සිව්වැනියා ජාක්සා හෙවත් ජපන් අභ්‍යවකාශ ඒජන්සියෙන්. මේ සිව්දෙනාම ස්පේස් එක්ස් කෘ ඩ්‍රැගන් කැප්සියුලයේ ඉඳගනීවි. ෆැල්කන් 9 රොකට්ටුවකින් ඔවුන්ව අභ්‍යවකාශගත කරාවි. මෙය කෘ ඩ්‍රැගන් යානයේ පළමු නිල මෙහෙයුම. මීට කලින් මැයි මාසයේදී කළ මෙහෙයුම ‘අත්හදාබැලීමක්’ ලෙස නාසා ආයතනය සලකනවා.

කෘ ඩ්‍රැගන් විශේෂ ඇයි?

ඊලෝන් මස්ක්ගේ පෞද්ගලික අභ්‍යවකාශ සමාගම වන ස්පේස් එක්ස් ලාභ ලැබීමේ අරමුණෙන් අභ්‍යවකාශ මෙහෙයුම්වලට සේවා සපයන ලොව ප්‍රමුඛ ආයතනයක්. සාමාන්‍යයෙන් අභ්‍යවකාශ මෙහෙයුම්වලදී තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි එක් වතාවක් පාවිච්චි කළ දෙයක් විසි කරන්නට සිදුවීම. නිකමට හිතන්න! ඔබ උදේ රැකියාවට යන මෝටර් සයිකලය, බස්රිය හෝ කාර් එක එක් වතාවක් ගිහින් ඇවිත් විසි කරන්නට සිදු වුණොත්.. කෙතරම් වියදමක්ද.

එහෙම පසුබිමක නැවත පාවිච්චි කළ හැකි රොකට් සහ කැප්සියුල් නිපදවීමට ස්පේස් එක්ස් ආයතනය උත්සුක වුණා. මුලින් නිපදවුවේ ෆැල්කන් රොකට්. යම්කිසි යානයක් අභ්‍යවකාශයට මුදාහැරලා, අහසේදී කැප්සියුලයෙන් වෙන්වුණාට පස්සේ අහසේම අත්හැරලලා දාන රොකට් වෙනුවට නැවතත් ප්‍රවේශමෙන් පෘථිවියට ගොඩබැහැලා, අලුත්වැඩියාවකින් පස්සේ තවත් ගමනක් යන්නට පුළුවන් විදියේ රොකට්ටුවක් නිපදවීම මහා ජයග්‍රහණයක් වුණා.

2020 වෙද්දී කෘ-ඩ්‍රැගන් කැප්සියුලය අත්හදා බලා සාර්ථක වුණා. ඒ අනුව සාමාන්‍යයෙන් මුහුදට අත්හැරියාම ආයෙත් පාවිච්චි කරන්නේ නැති කැප්සියුල වෙනුවට නැවත පාවිච්චි කරන්න පුළුවන් කැප්සියුල වර්ගයක් ස්පෙස් එක්ස් සමාගමට අයිතියි.

හැත්තෑගණන්වල ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ නාසා ආයතනය ජලය මතට කැප්සියුල් ගොඩබැස්සුවේ නැහැ. 2011න් පස්සේ නාසා ආයතනය තමන්ගේ ගගනගාමීන් අභ්‍යවකාශගත කළේ රුසියානු රොකට්වලින්. එය නාසා ආයතනයට විශාල වියදමක් වවැය වෙන වැඩක් වුණා. 2011න් පසු පළවැනි වතාවට ඇමෙරිකාවෙන් ගගනගාමීන් රැගත් යානයක් අභ්‍යවකාශගත කොට, නැවත ගොඩබසැස්සේ කෘ-ඩ්‍රැගන් කැප්සියුලයේ මෙහෙයුම් නිසයි.

මේක අභ්‍යවකාශ ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වන්නේ ඒ නිසා. මේ මෙහෙයුම් එක්ක නාසා ආයතනයට අභ්‍යවකාශයට යෑම වඩාත් පහසු වැඩක් වෙනවා. ඒ නිසාම වැඩි වැඩියෙන් අභ්‍යවකාශයට යන්නත් හැකියාව ලැබෙනවා. එයින් අභ්‍යවකාශ තාක්ෂණය දියුණු හා කාර්යක්ෂම වෙනවා.

කෘ-1 මෙහෙයුම නොවැම්බර් 14 වැනි සෙනසුරාදාට සැලසුම් කර තිබුණත්, කාලගුණයේ අවුලක් නිසා දවසකින් කල් දැම්මා. නොවැම්බර් 15 වැනිදාට වැඩේ සැලසුම් කළේ ඊට පසු. බොහෝ විට එදින මෙහෙයුම සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...