32 C
Colombo
Monday, May 6, 2024

කොවිඩ් පාලනය ජනතාවගෙත් වගකීමක්

- Advertisement -

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට ජුනි මස 8 වනදා සිට මාසයක් සම්පූර්ණ වන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්වල එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී තීරණය කර තිබෙනවා. සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරාගත් දින 03ක් රට විවෘතව තැබීමටයි මීට පෙර තීරණය කෙරුණේ. එහෙත් පසුගිය 25 වනදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යාමට ඉඩ හැරීමක් බැවින් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සහාය එමගින් අසාර්ථක විය හැකි බව ඔහු පෙන්වා දෙනු ලැබුවේ.

ඒ අනුව මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටවූ අතර ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර ,ලබා දී තිබෙනවා. මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළග තබාගැනීම අනිවාර්යය වනවා.

කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහාය දිය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...