30 C
Colombo
Friday, May 3, 2024

මොරටුව නගරාධිපතිගේ කැත දර්ශනෙන් සේරම විනාශ වුණා – ජනපති

- Advertisement -

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වා සිටියා.

ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි.

” එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන දත්ත පදනම් කරගෙන. ඒක සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවයි. එහෙම කරලත් ඊයේ අර කැත දර්ශණයක්. එකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ දේවල් විනාශ වෙලා ගියා” යැයි ජනපතිවරයා එහිදී පවසා සිටියා.

මොරටුව එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා අද (28) මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

ඔහු ඊයේ (27) දිනයේ මොරටුවේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනට බාධා කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට තර්ජනය කරමින් පවසා සිටියේ තමන් නිකුත් කරන ලද ටෝකන්වලට පමණක් කොවිඩ් වැක්සීනය ලබාදෙන ලෙසයි.

එසේ නොවන්නේ නම් අදාළ එන්නත්කරණ වැඩසටහන සිදුකරගෙන යෑමට තමන් ඉඩ ලබා නොදෙන බවට නගරාධිපතිවරයා දිගින් දිගටම තර්ජනය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...