25 C
Colombo
Sunday, May 19, 2024

අපි ඉවත්වෙන්නම් ආණ්ඩුව ලෙඩ්ඩු ටික බලාගන්න – සමන් රත්නප්‍රියගෙන් ආණ්ඩුවට රතු එලියක්

- Advertisement -

මෙරට කොරෝනා තත්වය ඉතාමත් බරපතල තත්වයකට පත්වෙමින් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

රෝහල්වල රෝගීන් 30000ක් පමණ ප්‍රතිකාර ලබන බවත්, මෙය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ඒ මහතා පවසනවා.

එසේ වුවත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල‍ය රාජකාරි ඉටුකරන්නේ අවශ්‍ය පහසුකම් නොමැතිව බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් තම රාජකාරි හැඳනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව ඉවත් කිරීමත් සමඟ සෞඛ්‍ය සේවකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් රජය හමුදා මානසිකත්වයක් මත සිට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයේ ආත්ම ගරුත්වය බිංදුවට දමමින් ප්‍රමාද කරමින් පෝලිම්වල තබමින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් තත්වය මෙසේ පැවතියහොත් ආණ්ඩුවට රෝගීන් බලාගැනීමට ඉඩ තබා සෞඛ්‍ය සේවකයින් සේවයෙන් ඉවත් වීමට සූදානම් බවත් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...