32 C
Colombo
Sunday, May 5, 2024

කුකුළන්ගෙන් සම්ප්‍රේෂණය වන දුර්ලභ කුරුළු උණ විශේෂයක්. ආසාධිත වූ මුල්ම පුද්ගලයා චීනයෙන්

- Advertisement -

අතිශය දුර්ලභ කුරුළු උණ ප්‍රභේදයක් වන H10N3 ප්‍රභේදය මිනිසෙකු වෙත ආසාධනය වූ පළමු අවස්ථාව චීනයෙන් වාර්තා වී තිබේ.

41 හැවිරිදි පුද්ගලයාට වෛරසය ආසාධනය වී ඇති ආකාරය මෙතක් හෙළි කර නොමැත.

කෙසේ වෙතත් මෙය මිනිසෙකුගෙන් මිනිසෙකුට පහසුවෙන් පැතිර නොයන බව සඳහන් වේ.

පසුගිය සතියේ දී චීනයේ ජියැන්ග්සු පළාතෙන් පළමු වරට මෙම රෝගියා අනාවරණය විය.

ඔහු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

කුරුළු උණ රෝගයේ ප්‍රභේද බොහොමයක් ඇති මුත් කුකුළු මස් සමඟ ගැටෙන පුද්ගලයින් වෙත එය ආඅසාධනාය වන බවට සිදුවීම් මෙතෙක් වාර්තා වී නොතිබුණි.

අදාළ ආසාධිත පුද්ගලයා සමඟ සම්බන්ධතා පැවත්වූ කිසිවකුට වෛරසය ආසාධනය වී නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙය කුකුළන් මාර්ගයෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව ද ඔවුන් සඳහන් කර ඇත.

මහා පරිමාණයෙන් පැතිර යාමේ අවධානමක් නැතැයි චීන සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...