30 C
Colombo
Friday, May 3, 2024

ගිනිගත් නැවෙන් වන්දි ලබා ගන්න අපහසු වෙයි

- Advertisement -

කොළඹ වරාය ඉදිරියේ ගිනිගෙන විනාශයට පත්වූ MV Xpress Pearl නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මෙරට ඇති දේශීය නාවික නීති සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණය ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බවයි ඔහු සදහන් කරන්නේ.

මුහුහුදේ දී සිදුවන අනතුරු වලින් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන සමාගම් දැනට මෙරට තුළ නොපවතින බවත් එවැනි සමාගම් පිහිටුවීමට නීතිමය බාධාවන් ද ඇති බවත් ඔහු පවසනවා.

දැනට මාස කිහිපයකට පෙර ගිනිගැනීමට ලක්වූ ‘New Diamond’ නෞකාවෙන්ද වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියට සිදු වූ දෙයම මෙහිදී සිදුවීමේ හැකියාවක් ඇති බවත් ශ්‍රී ලංකාවට එම නෞකාව ගලවා ගැනීමේ වගකීමක් භාර ගැනීමට ආයතනයක් නොමැති නිසා එම ගලවා ගැනීමේ වගකිම බාර ගන්නේ වෙනත් රටවල ආයතන බවත් නිවු ඩයමන්ඩ් නෞකාව ගලවා ගැනීම සිදු කළේ සිංගප්පූරු ආයතනයක් එහි වගකීම දරමින් බවත් ඔහු පෙන්වා දෙනවා.

එම ගලවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට හිමිවුයේ රුපියල් මිලියන 400 පමණක් බවද නැව ගලවා ගැනීමෙන් ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ බවද ඔහු කියා සිටින ලදි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...