25 C
Colombo
Wednesday, May 1, 2024

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් මහා බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවට

- Advertisement -

එක්සත් රාජධානිය විසින් බහරේනය, ඊජිප්තුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතක් ඊයේ (03) දිනයේ රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.

එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිය හරිත,කහ සහ රතු ලැයිස්තු පිළිබඳ සමාලෝචනය ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව සිදුවන වෙනස්කම් ඉදිරි සතිය තුළ බලාත්මක කිරීම සිදු කරයි.

ඇෆ්ගනිස්ථානය, කොස්ටාරිකාව, සුඩානය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රතු ලයිස්තුවට එක් වූ සෙසු රටවල් වේ.

කොවිඩ් අවදානම වැඩිම රටවල් වන රටවල් 50 ක් ඒ අනුව එක්සත් රාජධානියේ රතු ලයිස්තුවට එක් වී සිටියි. එයට දකුණු ඇමරිකාව, අප්‍රිකාවේ රටවල් බොහෝමයක් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ තුර්කිය යන සංචාරක කේන්ද්‍රස්ථාන ද ඇතුළත් ය.

මෙම සංශෝධනයට පෙර, ඉන්දියාව ලයිස්තුවට එක් කළ නවතම එකතු කිරීම විය.

රතු ලැයිස්තුගත රටවලින් එක්සත් රාජධානියට පැමිණෙන සියලු දෙනා එක් පුද්ගලයෙකුට යූරෝ 1,750 ක වියදමින් රාත්‍රී 11 ක් සඳහා හෝටල් නිරෝධායනයට යා යුතුය.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක්...

අද කාලගුණය වෙනස් වෙන හැටි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (01) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම දෙපාර්තමේන්තුව අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...