26 C
Colombo
Wednesday, May 22, 2024

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක්.

සැකකරුවන් අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකු සහ සිවිල් තොරතුරුකරුවකු අප්‍රේල් පළමු සතියේදී කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ එම නිවස බලාකියාගන්නා පුද්ගලයා උණ්ඩියල් ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රම මගින් මුදල් උපයන බවට චෝදනා කරමින්.

එහිදී ඔවුන් අදාළ නිවසේ තිබී රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ අමෙරිකානු ඩොලර් 3500ක මුදලක් රැගෙන ගොස් තිබුණා.
එහෙත් එම අවස්ථාවේ කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

අනතුරුව දිනක අයෙක් තමන්ව පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් අදාළ නිවස බලාකියාගන්නා පුද්ගලයාට දුරකථනය ඔස්සේ පවසා ඇත්තේ ඔහුට එරෙහිව චෝදනා රැසක් ඇතුළු ගොනුවක් පොලීසිය සතුව පවතින බවයි.

එය ඔහුට පක්ෂපාතීව සිදුකිරීමට නම් රුපියල් කෝටි 4ක මුදලක් ලබාදෙන්නැයි ඉල්ලා ඇති අතර පසුව එය රුපියල් කෝටි තුනහමාරක් දක්වා අඩුකර තිබෙනවා.

ඒ අනුව අදාළ මුදල කොටස් වශයෙන් ලබාදිය හැකි බව පැවසූ නිවස බලාගන්නා පුද්ගලයා ඉන් පසුව මේ පිලිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිර තිබුණා.


අදාළ අල්ලස් මුදලේ මුල් කොටස ලෙස රුපියල් කෝටියක මුදල ගැනීමට ඊයේ (29) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස අඟවමින් පොලිස් තොරතුරුකරු, කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු සමග කොල්ලුපිටියේ පිහිටි අදාළ නිවසට පැමිණ තිබෙනවා.


අල්ලස් කොමිසම සඳහන් කළේ එහිදී අදාළ කාන්තාව මගින් රුපියල් කෝටියක අල්ලස් මුදල ලබාගැනීමේදී ඇය ඇතුළු සිව්දෙනා අත්අඩංගුවට ගත් බවයි.


මේ අතර පොලිස් තොරතුරුකරු සමග පළමු දිනයේදී ගිය වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් තිදෙනා පිළිබඳව ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...