30 C
Colombo
Friday, May 3, 2024

මහින්දානන්දගේ තවත් ලේකම්වරයෙක් ඉල්ලා අස්වෙයි

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ  ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික හේතුවක් බව දැනුම් දී ඇති බවය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපතිවරයා පත්කර ගැනීමට පියවර ගනිමින් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර මහින්දානන්ද අමාත්‍යවරයාගේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ද පෙබරවාරි මාසයේදී සිය ලේකම් තනතුරෙන් ඉල්ලා අස් වීමට කටයුතු කළා. ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දුන් අතර එහිද දැක්වුනේ පෞද්ගලික හේතුවක් මත එසේ ඉල්ලා අස් වූ බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...