26 C
Colombo
Tuesday, May 7, 2024

මින්පසු කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛතාවය අවුරුදු 60ට වැඩි අයටයි

- Advertisement -

මින්පසුව කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රමුඛතාවය ලබාදෙන්නේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“කාර්ය සාධක බලකායෙදි ගන්නා ලද තීරණය අනුව ඉදිරියට ලැබෙන්න තියෙන එන්නත්වලින් අපි මින්පසු ප්‍රථමයෙන්ම එන්නත් කරනු ලබන්නේ අවුරුදු 60ට වැඩි ජනතාවට. ඊට පස්සේ අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල වැඩිහිටි නිවාස තියෙනවා නම් ඒවාවල ඉන්න වැඩිහිටියන්ට, ගර්භණී මාතාවන්ට, ක්ෂේත්‍රයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට, ඒවගේම අධි අවදානම් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල තියෙනවා නම් ඇඟළුම් හෝ වෙනත් කම්හලක් එහි සේවය කරන සේවක සේවිකාවන්ට දෙනවා. ඒ කට්ටියට එන්නත් දුන්නාට පස්සෙ තමයි අපි අවුරුදු 30 – 60 අතර ඉන්න ජනතාවට එන්නත්කරණය කිරීමට බලාපොරොත්තු වෙන්නෙ”

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...