32 C
Colombo
Monday, May 6, 2024

ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්

- Advertisement -

වසර 33 කට පසුව කාන්තා මීටර් 100 ඉසව්වේ වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින් ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් (Shelly Ann Fraser Pryce) පසුගිය සෙනසුරාදා (05) කිංස්ටන්හි (Kingston) පැවති තරඟාවලියකදී ලොව දෙවන වේගවත්ම කාන්තාව බවට පත්විය .

ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් මෙම මීටර් 100 ඉසව්ව තත්පර 10.63 කින් නිම කළ අතර ඇය දෙවනි වන්නේ ඇමරිකානු කෙටිදුර ධාවන ශූරී ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්ට (Florence Griffith Joyner) පමණි .

1988 දී අවස්ථා තුනකදී ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් මීටර් 100 ඉසව්ව තත්පර 10.49, 10.61 සහ 10.62 ලෙසින් නිම කර ඉතිහාසයේ හොදම කාලය ලෙස වාර්තා තබා ඇත.

ඒ අනුව ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්ගේ 10.63 ක කාලය ඉතිහාසයේ සිව්වන හොදම කාලයයි.

තවද එය කාන්තා මීටර් 100 ඉසව්වේ නව ජැමෙයිකානු වාර්තාව ද වේ.

මීට පෙර කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.70 කින් නිමකර සම ජැමෙයිකානු වාර්තාවට හිමිකම් කීවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් සහ 2016 ඔලිම්පික් ශූර එලේන් තොම්සන් හේරා (Elaine Thompson Herah)ය.

34 හැවිරිදි ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී එක් තනි ධාවන පථයක් හා ක්ෂෙත්‍ර ඉසව්වක් තුන්වතාවක් දිනාගත් පළමු කාන්තාව බවට පත්වීමටත්, තනි ඔලිම්පික් ස්ප්‍රින්ට් ශූරතාව (Individual Olympics Sprint Title) දිනාගන්නා වයස්ගතම කාන්තාව බවට පත්වීමට නියමිත බව ක්‍රීඩා විචාරකයන් මත ඵල කරයි.දෙවතාවක් ඔලිම්පික් කාන්තා මීටර් 100 ශූරියක් වන ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් මෙලෙස නැවත තරඟාබිමට පිවිසෙන්නේ දරු ප්‍රසුතියෙන් පසුව වීම සුවිශේෂීය .

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...