33 C
Colombo
Monday, May 6, 2024

ඩොලර් බිලියන 15ක් ගෙන ඒමේ අගමැතිගේ ඉලක්කය

- Advertisement -

නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළ දී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ දෙවන දින සමාරම්භක උත්සවය අමතමින්.

May be an image of 1 person and standing

ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද වන විටත්, නව පනතක් තුළින් ස්ථාපනය කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුව ද, අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් නව පනත යටතේ, එක කවුළුවකින් සියලු ම සේවාවන් ආයෝජකයාට ලබා ගැනීමට හැකි වන නිසා, ලෝකයේ ම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට දිරිමත් කිරිම බලාපොරොත්තු වබ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

May be an image of text

2020 වසරේ දී නැවත රජය භාරගත් පසුව කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදු වූ අතර රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් තිස්සේ මුළු රට ම වසා තැබීමටත් සිදු වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ බලපෑම් හේතුවෙන් 2020 වසරේ දී, සියයට 3.6කින් ආර්ථිකය සංකෝචනය වූ බවත් රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා අඩු වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් ණය ගැනීම වෙනුවට ණය නොවන විදේශ විනිමය ගලා ඒම ඉලක්ක කරගත් ක්‍රමවේදයක් හරහා රට දියුණු කිරීම අරමුණු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

May be an image of standing

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...