28 C
Colombo
Sunday, May 5, 2024

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ දේහය රිය පෙරහැරකින් රටවටා

- Advertisement -

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන් පසුගිය 7 වනදා අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 85 හැවිරිදි වියේ පසුවූ ලීලාවති සමරසිංහ මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අමුත්තන්ගේ පරිශ්‍රය තුළ තැන්පත් කිරීමට කටයුතු යොදා තිබුණා.

ඒ අනුව එම දේහයට ගෞරව දැක්වීම සඳහා ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු මහා සංඝරත්නයද විශාල වශයෙන් පැමිණ සිටියා.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ දේහය මේ වන විට බොරැල්ල මල් ශාලාවේ සිට ඒ මහත්මිය උපත ලැබූ රත්නපුරය – ඉත්තෑකන්ද ප්‍රදේශයට රිය පෙරහැරකින් රැගෙන යමින් පවතිනවා.

උදෑසන 8.30 ට බොරැල්ලෙන් පිටත්වූ රිය පෙරහැර කොට්ටාව අධිවේගී මාර්ගය ඔස්සේ බරවකුඹුක, ඇඹිලිපිටිය, පනාමුර හරහා ඉත්තෑකන්ද ප්‍රදේශයට යාමට නියමිතයි.

දේහය රැගෙන යන අතරතුර මග දිගට ඇයගේ දේහයට ගරු බුහුමන් දැක්වීමටද අවස්ථාව ලබාදී ඇති බව සංඛපාල විහාරයේ භාරකාර කොකාවල කෝසල හිමියන් සඳහන් කරනවා.

මෙම අවස්ථාවට විශාල පිරිසක් ඒකරාශි වී ඇති බව පහත ඡායාරූප මගින් දක්නට හැකියි.

දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 4 ට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...