29 C
Colombo
Saturday, May 4, 2024

නාමල් අග්‍රාමාත්‍යධූරයට සුදුසු බවට තවත් සහතිකයක්

- Advertisement -

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් අග්‍රාමාත්‍ය තනතුර ලැබීමට ඔහුගේ දෛවයෙහි ඇත්නම් එය කිසිවෙකුට නැවැත්විය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මට ඉතිං මතයක් කියන්න දෙයක් නෑ. ඒ එක එක්කෙනාගෙ දෛවය අනුව ඒක තීන්දු වෙන්නේ. එතුමාගේ දෛවයේ තියෙනවා නම් ඒක වෙන්න, ඒක වෙයි. ඒක නවත්තන්න බෑ.

අපෙ රටේ අනපේක්ෂිතව නායකයො බිහිවෙනවා, අනපේක්ෂිතව නායකයො දේශපාලනයෙන් පවා බැහැර වෙනවා. ඒවා ඉතිහාසය තුළ අපි අත්දැකලා තියෙන දේවල්. කලින් පුරෝකථනය කරන්න අවශ්‍ය නෑ ඒ සම්බන්ධයෙන්.

එතුමා දැන් දෙවැනි වතාවටත් නෙ වැඩිම මනාප අරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම තේරී පත්වුනේ. එතකොට එතුමා නීතීඥයෙක් හැටියට දිවුරුම් දීලා තියෙනවා. අවශ්‍ය මූලික අධ්‍යාපනයක් ලබලා තියෙනවා. පවුල් පසුබිමක් තියෙනවා. කොයි වකවානුවෙ වෙනවද කියන එකයි ප්‍රශ්නෙ තියෙන්නෙ. නමුත් ඒ අවශ්‍ය සුදුසුකම් නැහැයි කියලා කාටවත් කියන්න බෑ”

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...