32 C
Colombo
Tuesday, May 7, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා ශ්‍රී ලංකාව අමාරුවේ

- Advertisement -

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලිම් කරමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර තිබේ.

GSP+ තහනම තාවකාලිකව ඉවත් කර ගැනීමේ ක්‍රියාපටිපාටියට ආරම්භයක් ගැනීමට ප්‍රමාණවත් හේතුවක් තිබේ ද යන්න සලකා බැලීම සඳහා යුරෝපා සංගම් මන්ත්‍රීවරුන් මෙම යෝජනාව සිදු කරනු ලැබීය.

ස්පාඤ්ඤය,මොරොක්කෝව,රුසියාව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනා තුනක් ඒ අනුව සම්මත කර ගෙන තිබේ.ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව සම්මත වූයේ පක්ෂව ඡන්ද 628 ක් විපක්ෂව ඡන්ද 15 ක් සමඟිනි.40 දෙනෙකු ඡන්දය දීම සම්බන්ධයෙන් වැළකී සිට ඇත.

සිවිල් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සඳහා පොලිසියට පුළුල් බලතල ලබා දෙන මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මන්ත්‍රීවරු දැඩි ලෙස මෙහිදී විරෝධය පළ කරන ලදී.

RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...